රටේ බහුතර බලය හිමි පොහොට්ටුවෙන් ජනපති අපේක්ෂකයෙක් ස්ථිරයි! ශ්‍රීලනිපය හැකිනම් තනිව අපේක්ෂකයෙක් ඉදිරිපත්කර ජයගනු! – බැසිල් ශ්‍රීලනිපයට පිළිතුරු දෙයි…

June 8, 2019 at 10:15 am | by emanisa.lk

අද වන විට රටේ බහුතර බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බැවින් ඉදිරි ජනාධිපතිවරණයේ දී එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම අනිවාර්ය බව එම පක්ෂ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ සාහිත්‍ය සම්මාන උළෙලකට සියලු පොත් ඉදිරිපත් කරන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද තම අපේක්ෂකයකු ඉදිරිපත් කළ හැකි බවත් අවසානයේ සම්මාන ලැබෙන්නේ එක කෘතියක් සඳහා බවත්ය.

හිටපු ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිස නැවත මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති ධුරය සඳහා තරඟ කරන ලෙස ඉල්ලා ලබා දුන් සන්දේශයට පිළිතුරකි.

එසේම ඉදිරි මැතිවරණයට පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය එක්ව තරඟ කරන්නේ නම් ශ්‍රීලනිපයට ජනාධිපති අපේක්ෂකත්වය හෝ අගමැති ධුරය අවශ්‍ය යැයි එ හි සංවිධායක දයාසිරි ජයසේකර කළ ප්‍රකාශයට පිළිතුරකි.

 

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *