රජිත් මෛත්‍රී පොහොට්ටුවට කඩේ යනවා! වහාම ධුරවලින් පහ කරන්න! – ශ්‍රීලනිපය ජනපතිගෙන් ඉල්ලයි…

July 7, 2019 at 8:02 am | by emanisa.lk

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් දැඩි සටනක් ආරම්භ කර තිබේ.

ඊයේ රාත්‍රීයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවති අතර ඒ අවස්ථාවේදී මහින්ද අමරවීර මන්ත්‍රීවරයා යෝජනා කර ඇත්තේ දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ඉවත් කළ යුතු බවය. දයාසිරි ජයසේකර හා එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරු දෙදෙනා මෛත්‍රී ගුණරත්න ඉවත් කරන ලෙසට යෝජනාවක් ගෙනවිත් ඇත.

මෙම ආණ්ඩුකාරවරු දෙදෙනා පොහොට්ටුවේ කණ්ඩායම සමග දේශපාලනය කරන බවද මේ නිසා ඔවුන් තවදුරටත් ආණ්ඩුකාර ධූරවල තබාගත යුතු නැති බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කර තිබේ.

කෙසේ වෙතත් මධ්‍යම කාරක සභා රැස්වීම අවසන් වන විටම මේ පිළිබද තොරතුරු ආණ්ඩුකාරවරු දෙදෙනාට හා පොහොට්ටුවේ ඉහළ පෙලේ සාමාජිකයින් කිහිපදෙනෙක්ට ලැබී තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස