විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාව අවුලක් නෑ! ඒක ප්‍රසිද්ධ කළ අයට දඬුවම් දෙන්න අගමැතිතුමනි! – දයාසිරි

September 24, 2019 at 3:21 pm | by emanisa.lk

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ගෙන ආවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ අත්සන සහිත ලිපියකින් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

අදාළ පත්‍රිකාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධියට පත් කළ බවට චෝදනාවක් එල්ල කළත් අදාළ කරුණු ප්‍රසිද්ධියට පත් කළේ රවුෆ් හකීිම් ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු බව අද (24) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර වැඩි දුරටත් සඳහන් කළේය.

කෙසේ වුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ප්‍රසිද්ධියට පත් කළ අමාත්‍යවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලයේ රහස් එළියට යැවීම ප්‍රශ්නකාරී තත්ත්වයක් බවත්, මේ හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පවතින ගැටුම තව තවත් අර්බුදකාරී තත්ත්වයට පත්වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ නිසා කැබිනට් මණ්ඩලයේ රහස් එළියට දැමූ ඇමැතිවරුන්ට එරෙහිව අගමැතිවරයා ක්‍රියාමාර්ග ගත යුතු බවද පවසා ජයසේකර පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස