පුටුවේ ඉන්න ලැබුණ අවුරුදු හයෙන් එකක් මං විහින් නැති කරගත්තා! ඉතිරි අවුරුදු පහවත් ජනපති පුටුවේ ඉන්න දෙන්න! – ජනපති මැකොගෙන් ඉල්ලයි….

September 7, 2019 at 10:13 pm | by emanisa.lk

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිය ධුරය දැරිය හැකි අවසන් දිනය දක්වා තනතුර දැරීමට අවකාශ සලසාදී ඉන්පසු දිනයක ජනාධිපතිවරණය පවත්වන ලෙස ශ්‍රීල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

වසර හයක ධුර කාලයක් සඳහා පත්වූ ජනාධිපතිවරයා සිය ධුර කාලයෙන් වසරක් අඩු කරගෙන විශාල කැපකිරීමක් කර ඇති නිසා ඔහුට දැනට හිමිව ඇති වසර පහක නිල කාලය සම්පූර්ණයෙන් දැරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස රහස්‍ය ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

එහෙත් මැතිවරණ කොමිසම ඒ සම්බන්ධව මෙතෙක් තීන්දුවක් ගෙන නැති අතර එම ඉල්ලීම ඉටු කරන්නේ නම් ජනාධිපතිවරණය පැවැත්විය හැකි අවසන් දිනය දෙසැම්බර් මස 07 ය.

එහෙත් දෙසැම්බර් මුල් සතියේ සිට අ:පො:ස: සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිසා මෙම ඉල්ලීම ඉටුකිරීම ප්‍රායෝගික වශයෙන් දුෂ්කර බව මැතිවරණ කොමිසමේ අදහස වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස