ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී! යෝජනාව ඒකමතිකව සම්මතයි!

February 1, 2019 at 12:43 pm | by admin

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම යෝජනා කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අනුරාධපුරයේ අද (01) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්වීමේදි කළ යෝජනාවට අනුරාධපුර දිස්ත්‍රික් බළ මණ්ඩලය නියෝජිතයින් හා දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයින් සියලු දෙනා සිය අනුමැතිය ලබාදී තිබේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ජේෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා හා ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *