ශ්‍රීලනිපයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක්! ඡන්ද ලක්ෂ පහළොවෙන් ජනපති වෙන්න සූදානම්!

September 5, 2019 at 10:02 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර අද (05) මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න ඉදිරියේදී තීරණය කරන බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක පවසා තිබේ.

ශ්‍රීලනිප 68 වන සම්මේලනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ දැන් තමා ද පක්ෂය ද පරිණත වී ඇති බවත් 2020 ආණ්ඩුව පිහිටුවන්නේ ද තමන් බවත්ය. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රීලනිපයට ඡන්ද ලක්ෂ 15ක් ලැබිණි. ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ශ්‍රීලනිපයට තවත් ඡන්ද ලක්ෂ 50ක් පමණ උවමනා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස