ජනාධිපති ඡන්දය ඉදිරියේ ආණ්ඩුව හීලෑ වෙයි! TNA රාජ්‍ය සේවකයන් කැඳවා කොටි සමරයි!

October 12, 2019 at 2:02 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දේශපාලනඥයන් හා රජයේ සේවකයන් එකතු වී එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙනුවෙන් මුලින්ම මියගිය කොටි සෙබලිය වන මාලතී සිහිපත් කරමින් සමරු උළෙලක්‌ කිළිනොච්චියේදී (10) පවත්වා තිබේ.

කිළිනොච්චි දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේදී මෙම මාලතී ගුණ සමරුව පැවැති අතර එය සංවිධානය කොට තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චි දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් විසිනි.

මන්ත්‍රීවරයාගේ ආරාධනය මත මෙම සමරු උළෙලට සහභාගි වීම සඳහා කිළිනොච්චියේ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් විශාල පිරිසක්‌ ද විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විශාල පිරිසක්‌ ද සිය රාජකාරී කාලය තුළදී එම ස්‌ථානයට ගොස්‌ තිබේ.

මේ වන විට එල්. ටී. ටී. ඊ. සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධානයක්‌ව තිබියදී මෙවැනි උත්සව ප්‍රසිද්ධියේ පැවැත්වීමට ඉඩ දීම පිළිබඳව ජනතාව ප්‍රශ්න කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස