ජනාධිපතිවරණය 2019: සජිත් ඉදිරියෙන්! ජවිපෙට 5%ත් නෑ!

November 17, 2019 at 7:34 am | by emanisa.lk

2019 ජනාධිපතිවරණයේ දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටියි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 559, 216කි. එය ප්‍රතිශතයක් ලෙස 49.62%කි.

පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ලබා ගෙන ඇති ඡන්ද ප්‍රමාණය 483, 072කි. එය ප්‍රතිශතයක් ලෙස 42.86%කි. ඒ අනුව වැඩි ඡන්ද 76 144කින් සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටියි.

ජාතික ජනබලවේගයේ අනුර දිසානායක ලබා ඇති මුළු ඡන්ද ප්‍රමාණය 39 355කි. එය ප්‍රතිශතයක් ලෙස 3.49%කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස