කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරය ඉන්නේ මා එක්කයි! සුළු පිරිසකගේ බලපෑමට පක්ෂ නායකත්වය අතාරින්නේ නෑ! – රනිල්

November 21, 2019 at 8:41 am | by emanisa.lk

අගමැති ධුරයෙන් ඉවත් වූවා සේ විපක්‍ෂ නායක ධුරයෙන් සහ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ද ඉවත්වීමට තමා සූදානම් බවත්, ඒ සඳහා පක්‍ෂයේ බහුතරය කැමැති විය යුතු බවත් රනිල් වික‍්‍රමසිංහ පවසයි.

එසේ නොමැතිව සුළු පිරිසකගේ බලපෑම් සහ තර්ජනයට තමා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් නැතැයි ද අගමැතිවරයා සඳහන් කර ඇත.

පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය සිටින්නේ තමා සමග බවත්, ඔවුන් ගනු ලබන තීරණයට තමා හිස නමන බවත් රනිල් වික‍්‍රමසිංහ මාධ්‍යවේදීන් හමුවේ ප‍්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස