අපි මේ පාර පැරදුණොත් රාජපක්ෂලා අවුරුදු 25ක් රට පාලනය කරනවා! – ෆොන්සේකා

October 25, 2019 at 5:10 pm | by emanisa.lk

අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස තමාට මේ රටේ ආරක්ෂාව සහ නීතිය හා සාමය භාරදෙන බව ප්‍රකාශ කළ බවත් තමා එම ඉල්ලීම ඉතාම නිහතමානීව පිළිගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

මේ ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වුවහොත් ඉදිරි අවුරුදු 25 රට පාලනය කරන්නේ රාජපක්ෂලා විසින් බව ද හෙතෙම අවධාරණය කරයි. එසේ වුවහොත් රාජපක්ෂලා ඒකාධිපතීන් බවට පත්ව ජනතාව වහලුන් බවට පත්කරන බවත් ඔහු පවසයි.

කරන්දෙණිය ප්‍රදේශයේ ඊයේ (24) සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති ජනරැලියක දී හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස