සජිත්ගේ ජනපති සිහිනය නැවතත් සුන්! ගෝඨාගේ පුරවැසිකම 2019 අප්‍රේල් අවසන් බව ඇමරිකාව කියයි!

May 11, 2020 at 2:24 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 අප්‍රේල් මාසයේ දී සිය එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැර දැමූ බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (10) තහවුරු කළේය.

ඩේලි මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ජනාධිපති රාජපක්ෂ තවදුරටත් එක්සත් ජනපද පුරවැසියෙකු නොවන බවයි.

“ ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 අප්‍රේල් මාසයේ දී සිය එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැර දැමූ බව මට සනාථ කළ හැකිය. ඔහු තවදුරටත් එක්සත් ජනපද පුරවැසියෙකු නොවේ..” ප්‍රකාශකයා පැවසීය.

පුරවැසිභාවය අතහැර දැමූ අය ලැයිස්තුගත කරන ෆෙඩරල් ලේඛණයේ ජනාධිපතිවරයාගේ නම සඳහන් විය. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුගේ නමක් එම ලේඛණයේ දිස්වීමට යම් කාලයක් ගතවේ.

(Daily Mirror)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස