එළඹෙන නොවැම්බර් දෙසැම්බර් සමයේ මේ රටේ හැරවුම් ලක්ෂයක් දියත් කරන සජිත් ප්‍රේමදාස වන තමා මේ රටේ ඩිජිටල් තාක්ෂණ විප්ලයේ පුරෝගාමියා බවට පත්වන බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.
දෙහිඅත්තකණ්ඩියේ ඊයේ(27) පැවති උදා ගම්මාන විවෘත කිරීමේ අවස්ථාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගම්උදා වැඩසටහනේ තවත් එක් පියවරක් වන්නේ සෑම ගමකම ඩිජිටල් තාක්ෂණය ප්‍රචලිත කිරීම බව පෙන්වා දුන් ඇමතිවරයා රටට
වැඩ කොට තම හැකියාව ඔප්පු කරගත නොහැකි වු අයට ඩිජිටල් තාක්ෂණය ගැන කථා කළ හැකි වුවත් ඔවුන්ට කිසිදාක ඩිජිටල් තාක්ෂණය දෙහිඅත්තකණ්ඩියට ගෙන යා නොහැකි බව ද පැවසීය.