පාර්ලිමේන්තුවට මුවාවෙලා බොරු වීරයෝ වෙන්න හදන්න එපා! එම ප්‍රකාශ හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටත කරනු! – රෙනෝගෙන් රංජන්ට සහ හිරුණිකාට අභියෝගයක්….

January 23, 2020 at 4:40 pm | by emanisa.lk

කාඩ්බෝඩ් වීරයන් සෙි පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී, හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එහි කළ ප්‍රකාශ කරන ලෙස රන්ජන් රාමනායකට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෝනෝ සිල්වා අභියෝග කරයි.

ජනතා ඡන්දයෙන් තේරී පත්වී ජනතා ප්‍රශ්න පසෙලකා අශෝභන ලෙස පාර්ලිමේන්තුව තුළ හැසිරෙමින් සිදුකළ ප්‍රකාශ දැඩි පිළිකුළෙන් යුතුව බැහැර කරන බව නිවේදනයක් නිකුත් කරමින් රොනෝ සිල්වා ප්‍රකාශ කරයි.

කිසිඳු සොයා බැලීමකින් තොරව එම සාවද්‍ය ප්‍රකාශ විකාශය කළ මාධ්‍ය නාලිකාවලට එරෙහිව තම කීර්ති නාමයට සිදුකළ හානිය සඳහා රුපියල් බිලියනක වන්දි ඉල්ලා මේ වන විටත් එන්තරවාසි යොමුකර ඇති බවද රොනෝ සිල්වා ප්‍රකාශ කරයි.

“කශේරුකාවක් නොමැති මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සාවද්‍ය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි නිසාවෙනි. හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසත් එලෙස ප්‍රකාශ නිකුත් කළ සැණින් තම කීර්ති නායමට සිදුකරන හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණදී බිලියන ගණනක වන්දියක් ගෙවීමට සූදානම් වන ලෙසත් අභියෝග කරනවා” යැයි ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස