දිලිත් ජයවීර newshub.lk හිමිකරුගෙන් බිලියනයක් වන්දි ඉල්ලයි!

January 23, 2020 at 9:06 am | by emanisa.lk

රංජන් රාමනායක නැඟූ අසත්‍ය චෝදනාවක් ප්‍රචාරය කිරීම ඔස්සේ තමන්ගේ කීර්ති නාමයට සිදු කළ හානිය සඳහා රු. බිලියනයක වන්දියක් ඉල්ලා ගිහාන් නිකලස් නම් newshub.lk වෙබ් අඩවි හිමිකරු වෙත දෙරණ මාධ්‍ය ජාලය ඇතුළු සමාගම් කිහිපයක හිමිකරු වන දිලිත් ජයවීර සිය නීතිඥයා මාර්ගයෙන් එන්තර වාසි යවා තිබේ.

රංජන් රාමනායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමග සිදුකරන දුරකථන සංවාදයකදී දිලිත් ජයවීර කුඩු ව්‍යාපාරයෙහි නියැළෙමින් කළු සල්ලි සුදු කරන බවට නැඟූ අභූත චෝදනාව ප්‍රචාරය ඔස්සේ සිය කීර්ති නාමයට හානි කිරීම මෙම එන්තරවාසියට පදනම් වී තිබේ.

අදාළ මුදල දින 14ක් ඇතුළත ගෙවන ලෙස ද නැතහොත් නීති මාර්ගයෙන් කටයුතු කරන බව ද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස