සජිත්ගේ යෝජනා විදිහට ආවේ TNA ෆෙඩරල් යෝජනා! ඒකීයභාවය හළලා ඒක හැදුවේ රනිල් සුමන්දිරන්! – ජනාධිපති නීතිඥ අලි සබ්රි සජිත්ගේ ඊළාම් යෝජනාවලිය පට්ට ගසයි..(video)

November 5, 2019 at 11:09 am | by emanisa.lk

ශ්‍රී ලංකාව රාජ්‍ය කිහිපයක එකතුවක් මෙන්ම නොකැඩුණු සහ එක්සත් ෆෙඩරල් රාජ්‍යයක් වනු ඇති බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන බව ජනාධිපති නිතීඥ අලී සබ්රි පවසයි. එසේම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ්කීය යන වචනය හළමින් වචන හරඹයක් කරන බව ඔහු පෙන්වා දෙයි.

සැබවින්ම සිදුව ඇත්තේ මෙයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාවලියට දෙමළ ජාතික සන්ධානය ඇතුළත් කළ යෝජනා සජිත් ප්‍රේමදාසගේ යෝජනා ලෙස කරළියට පැමිණීම බව හෙතෙම අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාසගේ යෝජනාවලියේ පළාත් සභා නියෝජිතයන් සහිත සෙනෙට් සභාවක් පත්කිරීමේ යෝජනාවක් ඇති බව පෙන්වා දෙන අලි සබ්රි පළාත් සභාවක් පිළිබඳ මධ්‍යම ආණ්ඩුව පනවන නීතියක් බලාත්මක වන්නේ එම සෙනෙට් සභාවේ අනුමැතිය යටතේ බවත් පවසයි.

මේ අනුව පළාත් සභා පාලනය කිරීමට මෙතෙක් ජනාධිපතිවරයා මගින් මධ්‍යම ආණ්ඩුව සතුව පැවති බලය අහිමි වී රට රාජ්‍ය කිහිපයක් බවට පත්වෙයි.

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මෙම යෝජනාවලිය සැකසුවේ රනිල් වික්‍රමසිංහ සහ එම්.ඒ. සුමන්දිරන් බවත් ජනාධිපති නීතීඥවරයා හෙළිකළේය..

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස