ගැටලු විසඳා ජනතාව ශක්තිමත් කිරීම මගේ දිව්‍ය ලෝකයයි! ජනතා කරමතින් බලයට පත්ව හොරකම් වංචා දූෂණ කිරීම අපායයි! – සජිත්

July 4, 2019 at 10:35 pm | by emanisa.lk

ජනතා ගැටළුවලට විසඳුම් ලබාදී ඔවුන්ට ශක්තිමත් ජීවිතයක් උදා කර දීම තමන්ගේ දිව්‍ය ලෝකය බවත්, ජනතා කර මතින් බලයට පත්ව වංචා, දූෂණ සිදුකර රාජ්‍ය දේපළ විනාශ කිරීම අපාය බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි. අපාය හා දිව්‍ය ලෝකය යනු කුමක්දැයි අවබෝධ කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා සඳහන් කළේය.

තම දර්ශනය විශ්වාස කර රටේ ජනතාව එයට ශක්තිය ලබා දෙන්නේ නම් ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයෙකු ඉටු නොකළ සේවාවක් ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට තමන් සුදානම් බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව, වැදිවැව ප්‍රදේශයේ ඉදිකළ “සඳහසගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද(04) දින සහභාගී වෙමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස