ගෝඨා දිනුවොත් නාමල් පුතාගේ අනාගතේ ඉවරයි! ඒ නිසා මහින්දගේ ෂපෝර්ට් එකත් යූඇන්පියටයි! – මරික්කාර්

September 16, 2019 at 6:51 pm | by emanisa.lk

මේ රටේ 7 වන විධායක ජනාධිපති වශයෙන් පත්වන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයකු බවත් ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ ද සහයෝගයද ලැබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් පවසයි.

2015 රාජපක්ෂවරු පරාජයට පත් කළේ, හොරකම, වංචාව, දූෂණය, නාස්තිය පමණක් නොව සුදුවෑන් සංස්කෘතිය ද අවසන් කිරීමට බව හෙතෙම පැවසීය.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුණොත් අමාත්‍යාංශ ලේකම්ලා බවට පත්වන්නේ විශ්‍රාමික හමුදා ජනරාල්ලා. මහින්ද රාජපක්ෂටවත් ගෝඨාභය පාලනය කරන්න බෑ. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ ප්‍රාර්ථනාව ද ගෝඨාභය පරාජය කිරීමයි.

ඒ එතුමාගේ නායකත්වය තවදුරටත් රැකගැනීමේ සහ සිය පුතාට අනාගත නායකත්වය නිර්මාණය කර දීමේ අරමුණ ඉටුකර ගැනීමට හැකියාව ලැබෙන්නේ ඒ තුළින් පමණක් වන නිසා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියි.

ගෝඨාභය බැරිවෙලා හරි දිනුවොත් නාමල්ගේ අනාගතය ඉවරයි. ඒ නිසා මහින්ද මහත්තයාගේ හිතවාදීන් එක් පැත්තකින් බොරුවක් කරමින් සිටිනවා. එජාප අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට අනිත් පැත්තෙන් සහයෝගය ලබාදෙමින් සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස