කොමිස් ගැහුවා නම් මමත් හොඳ මුදලාලි කෙනෙක්! මම කෝටි 25කට පයින් ගහලා නිල ඇඳුම් වව්චර දුන්නා!

March 5, 2019 at 7:17 am | by admin

‘සාමාන්‍යයෙන් කොමිස් ගහන දේශපාලනඥයකු නම් රුපියල් කෝටි 20ක් 25ක් අරගෙන, පරණ ගිය ක්‍රමයට රෙදි මුදලාලිලා තුන් හතර දෙනෙක් එක්ක වැඩේ කරගෙන ගිහින් මටත් හොඳ මුදලාලි කෙනෙක් වෙන්න තිබුණා’ යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඇහැටුමුල්ල, මුස්ලිම් මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැති අකිල විරාජ් කාරියවසම් එසේ සඳහන් කළේ වවුචර් ක්‍රමය පිළිබඳ ඇතැම් දේශපාලනඥයන් එල්ල කරන විවේචනවලට පිළිතුරු සපයමිනි.

‘පාසල් නිල ඇඳුම් වවුචරය හඳුන්වා දුන්නේ රෙදි මිලදී ගැනීමේදී තිබුණු දැවැන්ත දූෂණය, වංචාව නතර කිරීමට’ යැයිද අධ්‍යාපන ඇමැතිවරයා අවධාරණය කළේය.

‘මේ වවුචරය නිකන් දෙන්න බෑ. ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව තමයි මේ වවුචරය මුද්‍රණය කර තිබෙන්නේ. ඒකට ෆොටෝ දැම්මත්, නැතත් ෆෝ කලර් තමයි ගහන්නේ. ඒක නිසා මේ ගැන බොරු තර්ක ගේන්න එපා’ යැයිද අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *