2020 වැදගත් වෙන්නේ ජනාධිපති නෙවෙයි! අගමැති කවුද කියන එකයි! – ජනපති

September 4, 2019 at 12:14 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප කල්පනා කළ යුත්තේ 2020 දී ජනාධිපති කවුද යන්න නොව අගමැති කවුද යන්න යැයි ද 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මීළඟට පත්වෙන ජනාධිපතිට නොව බලය තිබෙන්නේ අගමැතිට යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (03) ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සමුළුව අමතමිනි.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“මේ දවස්වල ගොඩක් දෙනා ජනාධිපතිවරණය ගැන කතා කරනවා. 2020 දී පත්කළ යුතු ජනාධිති කවුද? එක එක පක්ෂවල අපේක්ෂකයෝ කවුද කියලා කතා කරනවා. එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව 2020 දී පත්වන ජනාධිපතිට කරන්න පුළුවන් දෙයක් නැහැ. ආරක්ෂක ඇමතිකමවත් ලැබෙන්නේ නෑ. බලය තියෙන්නේ අගමැතිට.

පෑගුණු, දුක්විඳින, වැඩකරන නිර්ප‍්‍රභු පංතියේ නැත්නම් නිර්දන පංතියේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ හැකි දේශීයත්වය අගයන, දේශීය සංස්කෘතිය අගයන, බෞද්ධාගම මත පදනම් වූ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස්වලට එකට ජිවත් විය හැකි ඔවුන්ට සාධාරණත්වය ඉටුකරන රටක් නිර්මාණය කළ හැකි නායකත්වයක් තමයි අපි පත්කර ගත යුත්තේ.

තමන් වෙනුවෙන් නොව රට ගැන හිතා දේශපාලනය කරන දූෂණයට වංචාවට එරෙහිව කටයුතු කරන්න සුදානම් දේශපාලනඥයන් කී දෙනාද අද අපේ රටේ ඉන්නේ? කියන්න කණගාටුයි අද අපේ රටේ දේශපාලනය අවුල්සහගතයි. අනුවේදනීයයි. ඒක හරියට ශෝකාලාපයක් වගේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස