දූෂිත දේශපාලකයන් දිනුම්! රේගුවට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්! මෑත යුගයේ හොඳම රේගු අධ්‍යක්ෂවරිය රටට අහිමි වෙයි!

January 31, 2019 at 9:01 am | by admin

මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී සුමනසිංහ මහතා වැඩ බලන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබේ. මේ අනුව මෑත ඉතිහාසයේ ඉතාම ඍජුව සහ අවංකව සිය ධුරයේ කටයුතු කළ රේගු අධ්‍යක්ෂ පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කිරීමේ කුමන්ත්‍රණය සාර්ථක වී තිබේ.

කුප්‍රකට දේශපාලකයන් සහ ඔවුන්ට හිතැති හිමි ව්‍යාපාරිකයන් රේගුව ඔස්සේ රටට රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් අහිමි කරමින් සිදු කළ මහ පරිමාණ දූෂණ වංචාවලට දිගින් දිගටම වැට බැඳීම ඇයට එම තනතුර අහිමි වීමට හේතුව බව පැවසෙයි.

2017 වසරේ චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ධුරයට පත් කළ ඇමති මංගල සමරවීරගේ ලේකම්වරයා ද රේගු අධ්‍යක්ෂවරිය ඉවත් කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටන බව පැවසෙයි. එහෙයින් මෙය කිසිසේත් ඇමති මංගල සමරවීරගේ අනුදැනුමින් තොරව සිදු වන්නක් යැයි සිතිය නොහැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *