හොඳම ටෙස්ට් පිතිකරු චන්දිමාල් ඉවතට! හැමදාම අසාර්ථක දික්වැල්ල ඇතුළට! බෝන් අගේන් කුමන්ත්‍රණය නැවතත් කරළියට!

August 15, 2019 at 8:44 am | by emanisa.lk

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය ඊයේ (14) ගාල්ලේදි ආරම්භ විය. මෙහිදි ශ්‍රී ලංකාවේ හොඳම ටෙස්ට් පිතිකරු දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කර තිබීම දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. පසුගිය කාලය පුරා දක්ෂතා අතර පසුවූ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හොඳම පිතිකරු වශයෙන් පරාජයට පත් වීමට ගිය බොහෝ තරග ප්‍රතිඵලය වෙනස් කළ ක්‍රීඩකයෙකි.

එවන් ක්‍රීඩකයෙකු ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කර පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල නැවතත් කණ්ඩායමට ගෙන්වා ඇත්තේ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සහ නායක දිමුත් කරුණාරත්න විසින් ගත් තීරණයක් නිසා බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වටා පිළිකාවක් ලෙස වැඩී ඇති ‘බෝර්න් අගේන්’ නම් ආගමික නිකායක බලපෑමක් මත දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කිරීම සිදුව තිබෙනා බවට චෝදනා එල්ල වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිළධාරියෙක්, පුහුණුකරුවෙක් හෝ තේරීම් කමිටු සාමාජිකයෙකු වීමට අනිවාර්ය සුදුසුකම වී ඇත්තේ මෙම ‘බෝර්න් අගේන්’ නිකායේ සාමාජිකයෙකු වීමයි. මේ බවට කණ්ඩායම තුලින්ම චෝදනා එල්ල වූ අතර හිටපු කළමණාකරු චරිත් සේනානායකද කණ්ඩායමෙන් ඉවත් වූ අවස්ථාවේ මෙම බෝර්න් අගේන් මාෆියාව පිළිබඳ හෙළිකළේය.

මෙම ආගමික නිකාය නියොජනය කරනා නිලධාරීන් විසින් වෙනත් ආගම් සහ විශ්වාසයන් යුත් ක්‍රීඩකයන් අසාධාරණ ලෙස කණ්ඩායමෙන් ඉවත් කරන බවට දිගින් දිගට චෝදනා එල්ල වන අතර දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමෙන් විසි වීම පසුපස මෙම ආගමික අන්තවාදය ප්‍රබලව පවතින බවට ද චෝදනා එල්ල වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස