ලසිත් හොඳ ක්‍රීඩකයෙක් වුණාට හොඳ නායකයෙක් නෙමේ! ඔහු නැති වුණාට අපි ළඟ හොඳ ක්‍රීඩකයෝ රාශියක් ඉන්නවා! – නායකත්වය අහිමි ලසිත් සමුගන්නා කතාවට ක්‍රිකට් සභාපති පිළිතුරු දෙයි…

April 18, 2019 at 5:55 pm | by admin

ලසිත් මාලිංග ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක් වුවත් ඔහුට හොඳ නායකයෙක් වීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පවසයි.

අද (18දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“මාලිංග ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක්. ඇතැමි විට ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ට හොඳ නායකයෙක් වෙන්න බෑ. ඇතැම් විට හොඳ නායකයෙක්ට ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක් වෙන්න බෑ.

මාලිංග අපිට ඉන්න හොඳ ක්‍රීඩකයෙක්. මාලිංග තරග 13ක් පරාජයට පත්වුණා. මාලිංග අංක එකට රට තබාගෙන ක්‍රීඩා කරයි කියලා හිතනවා. මාලිංග විශ්‍රාම ගත්තොත් අපිට හොඳ ක්‍රිඩකයන් රාශියක් ඉන්නවා.

අපි එයාට අයි.පී.එල්. ඉවරවෙනකම් ගහන්න අවස්ථාව දිලා තිබෙනවා. ලසිත් ආබාධයකට ලක්වුණොත් අපිට වෙනත් ක්‍රිඩකයෙක් දාන්න වෙනවා. අපි එයාට ආයාචනා කරනවා රට ගැන හිතලා ගහන්න කියලා.

ලසිත් ගහන්නේ රට වෙනුවෙන්. එයා හොඳ තරගයක් දේවි” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස