පාලකයන් ක්‍රිකට් වැනසූ හැටි! වසර 35ට නායකයන් 13යි! මාස 18ට නායකයන් 04යි!

February 14, 2019 at 2:51 pm | by admin

ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගී වූ 1982 වසරේ සිට 2017 දක්වා තිස්පස් වසරක් පුරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇත්තේ නායකයන් 13 දෙනෙකු බවත් එතැන් සිට මාස 18ක් තුළ ශ්‍රීලංකා කණ්ඩායම නායකන් හතර දෙනෙකු විසින් මෙහෙයවා ඇති බවත් හෙළි වී තිබේ. ඒ දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරංග ලක්මාල් සහ දිමුත් කරුණාරත්න යන සිව් දෙනාය.

පසුගිය සමයේ ක්‍රීඩකයන් කල්ලිවලට බෙදී ගැටුම් ඇති කරගත් අතර ඔවුන්ගේ බිරින්දෑවරු එම ගැටුම් සමාජමාධ්‍ය ජාලාවලට ද රැගෙන ගියහ. ඇතැම් ක්‍රීඩකයන්ට එරෙහිව තරඟ පාවාදීම් චෝදනා ද එල්ල විය. ඒ පිළිබඳ විමර්ශනය කිරීමට වෙනම ආයතනයක් පිහිටුවන තැනට මෙම අර්බුදය දුරදිග ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වැඩිම තරඟ ගණනක් මෙහෙය වූ හිටපු නායක අර්ජුන රණතුංග බීබීසී සිංහල සේවය සමග පැවති සාකච්ඡාවක දී පවසන්නේ තේරීම් කමිටුව ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් නායකයන් මාරු කළ ද එය ප්‍රායෝගික නොවන බවය. එසේම මහේල සහ සංගක්කාර සමයේ නායකත්වය සඳහා තරුණ පිරිසක් සූදානම් නොකිරීම ද මෙයට හේතුවක් බව ඔහු පෙන්වා දෙයි. මෙම චෝදනාව මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ක්‍රීඩා පරිපාලකයකු වන විනෝදන් ජෝන් පවසන්නේ කණ්ඩායම ශක්තිමත් වීමට නම් ස්ථිර නායකයකු අවශ්‍ය බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *