බෝන් එගේන් හතුරුසිංහ ඉවතට! ලෝක කුසලාන ශ්‍රී ලංකා පුහුණුකරු ස්ටීව් රික්සන්!

March 14, 2019 at 1:33 pm | by admin

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආන්දෝලනාත්මක පුහුණුකරු චන්දික හතුරුසිංහ ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

දකුණු අප්‍රිකානු එක්දින සංචාරය අවසානයේ හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමට සලකා බැලෙනු ඇත.

හතුරුසිංහ ඉවත් කළහොත් නව ශ්‍රී ලංකා පුහුණුකරු ධූරයට ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරු ස්ටීව් රික්සන් පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වේ.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිය බලය අනිසි ලෙස භාවිත කරමින් හිතවත් ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දුන් බවට දිගින් දිගටම චෝදනා එල්ල විය. මේ අතර ආගම්වාදය කණ්ඩායම තුළ පැතිර වූ බවටද හතුරුසිංහට චෝදනා එල්ල වෙයි.

මේ අතර එක්දින තරඟාවලිය නිමා වූ වහා හතුරුසිංහ ලංකාවට කැඳවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එක්දින තරඟ 4ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. තව එක්දින තරඟයක් සහ පන්දුවාර 20 තරඟ 3ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව ඇත්තේ ලෝක කුසලාන තරඟාවලියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *