තියුණු තරඟයකින් පසු ලෝක ක්‍රිකට් කිරුළ එංගලන්තය දිනා ගනී!

July 15, 2019 at 12:22 am | by emanisa.lk

නවසීලන්තය සහ එංගලන්තය අතර පැවති ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරඟයෙන් නවසීලන්තය පරාජය කරමින් එංගලන්තය ජය වාර්තා කළේය.

මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 08ක් දැවී ලකුණු 241ක් ලැබූ අතර එංගලන්තය කඩුලු 10ක් දැවී එම ලකුණු ප්‍රමාණය සම කළේය.

අනතුරුව දෙපිළට සුපිරි ඕවරය බැගින් ලබා දුන් අතර එංගලන්තය එහිදී ලකුණු 15ක් ලබා ගත් අතර නවසීලන්තයට ලබාගත හැකි වූයේ ලකුණු 14ක් පමණි. ඉතාම තියුණු මුහුණුවරක් ගත් මෙම තරඟය අවසානයේ 2019 ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්ත කණ්ඩායම සතු විය.

2007 සහ 2011 ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම 2015 සහ 2019 නවසීලන්ත කණ්ඩායමට අනුශූරතාව හිමි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස