අපි මේ පාර වර්ල්ඩ් කප් පැරදිලා ඊළඟ පාර දිනන්න ප්ලෑනක් ගහනවා! මහින්දගේ කාලේ දිනුවේ ක්‍රීඩකයෝ හොඳ නිසා මිස පාලකයෝ හොඳ නිසා නෙමෙයි! – මරික්කාර්

March 19, 2019 at 8:18 am | by admin

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල අන්ත පරාජයකට ලක්වන්නේ යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු 2022 ලෝක කුසලානය ජය ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ගත යුතු ඇති බවත් මන්ත‍්‍රීවරයා කියයි. 96 පැවති තත්ත්වයට ගෙන ඒම සඳහා වසර 7-8ක හොඳ සැලසුමක් උවමනා බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය රජය කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තත්ත්වයක පැවතියේ සංගා, මහේල, දිල්ෂාන් වැනි ක‍්‍රීඩකයන් නිසා මිස පාලකයන් නිසා නොවන බවත් ඔහු පැවසීය. ඔහු මේ බව පැවසුයේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස