ජයග්‍රහණයේ අයිතිය 150%ක් පුහුණුකරුටයි! ජයග්‍රහණයේ නියමුවෝ ඇමති හරීන්ට පිළිතුරු දෙයි! (video)

February 17, 2019 at 8:54 am | by admin

ඊයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෝ එම ජයග්‍රහණයේ සම්පූර්ණ අයිතිය පුහුණුකුරු චන්දික හතුරුසිංහට හිමි විය යුතු බව ප්‍රකාශ කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර ඇත. ක්‍රීඩකයන් වෙත පැමිණි බොහෝ ප්‍රශ්න සිය පුහුණුකරු අසලින් නතර වූ බවත් තව කිව නොහැකි ගැටලු ගණනාවක් ඇතැයි ද ඔවුහු පැවසූහ.

කෙසේ වුවද පසුගියදා ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු කණ්ඩායම දිගින් දිගටම පරාජය වන විට පුහුණුකරුට ලක්ෂ 80ක වැටුපක් ගෙවීම තේරුමක් නැතැයි පැවසීය. කෙසේ වුවද ජයග්‍රහණය වෙනුවෙන් ඇමතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ කණ්ඩායම ගැන මිස පුහුණුකරු පිළිබඳ කිසිවක් සඳහන් නොකර තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *