ක්‍රිකට් නිලවරණයත් ආණ්ඩු පිල පරාදයි! සභාපති ධුරය ෂම්මි පෙරේරාට! අර්ජුණ පරාදයි!

February 21, 2019 at 11:41 am | by admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තිලංග සුමතිපාල පාර්ශවය නියෝජනය කළ ෂම්මි සිල්වා තේරී පත් වී තිබේ. ඒ අනුව ඔහු 2019-2021 කාල පරිච්ඡේදයේ සභාපති ධුරය දරනු ඇත.

අද උදේ ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවති ක්‍රිකට් මැතිවරණයේ දී සභාපති ධුරය සඳහා තරඟ කළ ෂම්මි සිල්වා ඡන්ද 83ක් ද ජයන්ත ධර්මදාස ඡන්ද 56ක් ද ලබා ගත්හ.

කෙසේ වුවද මෙවර අමාත්‍ය අර්ජුන රණතුංග උප සභාපති තනතුරකට ද තරඟ වදිමින් සහාය දුන් ජයන්ත ධර්මදාස ඇතුළු පිරිස ජයගනු ඇති බවට අනාවැකි පළ වී තිබිණි.

තිලංග පාර්ශවයේ මොහාන් සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන දෙදෙනාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම නිසා මතුව තිබූ ගැටලුව පසුගියදා අධිකරණයට ගියේය. අභියාචනාධිකරණයේ දී මොහාන් සිල්වා ලේකම් ධුරයට සහ රවීන් වික්‍රමරත්න උප සභාපති ධුරයට තරග වැදීමට එකඟව ගැටුම තාවකාලිකව සමථයකට පත් කර තිබිණි.

කෙසේ වුවද මුල දී සභාපති ධුරය සඳහා නාම යෝජනා භාර දී තිබුණේ මොහාන් සිල්වාය. මෙහිදී උප සභාපති තනතුර සඳහා තරඟ කළ අර්ජුන රණතුංග ද පරාජයට පත් වූ අතර තිලංග පාර්ශවයෙන් ඉදිරිපත් වූ රවින් වික්‍රමරත්න හා කේ මතිවානන් උප සභාපතිවරු ලෙස පත්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස