දක්ෂතා නොව ආගම අනුව ශ්‍රී ලංකා වර්ල්ඩ් කප් ටීම් එක තේරු හැටි!

April 19, 2019 at 9:33 am | by admin

2019 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය මීට ස්වල්ප මොහොතකට පෙර නිල වශයෙන් නම් කළේය. එය අප දැන සිටි ඉතාම ආන්දෝලනාත්මක, ඉතාම දුර්වල සංචිතයමය.

කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන කතෝලික බෝන් අගේන් කල්ලිය විසින්ම අප අපේක්ෂා කළ ලෙසින්ම සුපුරුදු පරිදි ලෝක කුසලාන සංචිතයද නම් කෙරී ඇත.

නායකත්වයට තෝරාගෙන ඇති ශාන්ත ජෝශෆ් විදුහලේ දිමුත් කරුණාරත්න වසර හතරකින් එක් එක්දින තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති අවම වශයෙන් සුදු පන්දුව හැසිරෙන අයුරු හෝ නොදන්නා ක්‍රීඩකයෙකි.

දිගින් දිගටම අසාර්ථක අවිශ්ක ප්‍රනාන්දුට අවස්ථාව හිමිව තිබෙන්නේ ඔහු ප්‍රනාන්දු වීම නිසාම විය හැක. ඒ වෙනුවට කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙක් වන ජ්‍යේෂ්ඨ උපුල් තරංග කණ්ඩායමේ නොසිටීමද ශ්‍රී ලංකා ක්‍රිකට් පැටිකිරිය හොදින් දන්නා අප මවිත නොකරයි.

පසුගිය දිනවල සුපිරි දස්කම් දැක්වූ, ප්‍රනාන්දු වුවද බෞද්ධයෙක් වන ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමට නම් කර නැත. නිමා වූ සංචාරයේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලකුණුලාභියෙක් වූ ඕෂද ප්‍රනාන්දු ඉවත් කිරීමත්, අසාර්ථක නමුදු කතෝලික වන කුසල් මෙන්ඩිස්ට අවස්තාව හිමි වීම පිළිබඳවත් අප තැකීමක් නොකරන්නේ එබැවිනි.

දකුණු අප්‍රිකානු තරගාවලියේ අති සාර්ථක විශ්ව – කසුන් රාජිත යුවළද ලෝක කුසලාන සංචිතයට නම් කෙරී නැත. දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය ජය ගත්තේ එම යුවළේ සාර්ථකත්වය මතය.

ශ්‍රී ලංකාව සතු වූ එකම කඩුලු ලබාගත හැකි දඟ පන්දු යවන්නා වන බෞද්ධ අකිල ධනංජය ඉවත් කිරීමත්, වෙනත් රටක ක්‍රීඩා කලා නම් ක්‍රීඩා සමාජයක් හෝ නොලැබෙන ජෙෆ්‍රී වැන්ඩර්සේ සංචිතයේ සිටීමටත් හේතුව එයමය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර නම් කෙරේ දුර්වලම ලෝක කුසලාන සංචිතය මෙය බවට ස්ථිරය.

කණ්ඩායමේ සිටින එකම ලෝක පූජිත ක්‍රීඩකයා වන ලසිත් මාලිංගගේ ඉරණම අද රාත්‍රියේ හෝ හෙට උදෑසන විසඳීමට නියමිතය. මාලිංගද මෙම සංචිතයෙන් ඉවත් වුවහොත් ලෝක කුසලාන ඉතිහාසයේ ටෙස්ට් වරම් දිනූ කණ්ඩායමක් නියෝජනය කරන දුර්වලම සංචිතය මෙය බවට සහතිකය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සිය බූදලයක් කර ගනිමින් විනාශ කරනා බෝර්න් අගේන් කල්ලියේ ඉහළම පුද්ගලයෙක් වන සභාපති ශම්මි ද සිල්වා ක්‍රිකට් යනු සිය පුද්ගලික බූදලයක් බව මාධ්‍ය හමුවේ දී නොකියා කීවේය.

කණ්ඩායම සතු වන එකම තරග දිනවන්නා ලසිත් මාලිංග ක්‍රීඩා කළද, ක්‍රීඩා නොකළද කම් නැති බවත් මාලිංග ක්‍රීඩා නොකළහොත් ඒ සඳහා ඕනෑ තරම් ඕනෑතරම් ආදේශක සොයා ගත හැකි බවත් ශම්මි ද සිල්වා කීවේය.

ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයෙකුට ආදේශ කිරීමට මෙරටින් තබා ලොව ඕනෑම රටක ක්‍රීඩකයෙක් සොයාගැනීම සොයා ගැනීම ඉතා අපහසු බව ශම්මි ද සිල්වා නොදැන සිටීමට හේතුවක් නොමැත. නමුත් ශම්මි ද සිල්වා ඒ ප්‍රකාශයෙන් පෙන්වූයේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව කුමන ඉරණමකට පත් වූවද ඔවුන්ට කිසිදු තැකීමක් නොමැති බවත් ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ පාලනය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථාපිත කර ගනිමින් මුදල් ඉපයීම පමණක් වන බවත් ය.

සරලවම මෙම සංචිතය තරග පාවා දීමේ ව්‍යාපාරයට යොදවා ගත හැකි ලෙසටත්, ආගමික අන්තවාදය පෝෂණය වන අකාරයටත් නම් කෙරී ඇත.

මාලිංගලා, උපුල් තරංගලා යටතේ තරග පාවාදීම් ව්‍යාපාර සිදු කිරීම බුකිකරුවන්ට කළ නොහැක්කකි.

හාස්‍යයට කරුණ වන්නේ ලොවම ඉදිරියේ විහිලුවක් බවට පත්ව ඇති, ආගමික අන්තවාදීන් පිරිසකගේ ව්‍යාපාරයක් පට්ට සීරියස් ගෙන ජාතික හැගීමකින් නරඹන මෙරට සුවහසක් ක්‍රිකට් රසිකයන් ය.

හිතාදර මිත්‍රයනි!

ජාවාරම්කරුවන්ගේ ව්‍යාපාරයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අතහැර දැමිමට කාලය දැන් එළඹ ඇත.

ඉෂාන් වික්‍රමසූරිය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස