මම තරම් ක්‍රිකට් ගැන ලෝකේ කවුරුවත් දන්නේ නෑ! – තිලංග සුමතිපාල

February 22, 2019 at 11:05 am | by admin

ඊයේ පැවති ක්‍රිකට් නිලවර්ණය නිමාවට පත් වූයේ තිලංග සුමතිපාල පාර්ශවය සියලු තනතුරු ජයග්‍රහණය කරමිනි. ප්‍රතිවාදී කණ්ඩායම සමග අමාත්‍ය අර්ජුන රණතුංග උප සභාපති තනතුර සඳහා තරඟ කළ ද ඔහු ද පරාජයට පත්විය.

පරාජයෙන් පසු හිටපු නායකයා ප්‍රකාශ කළේ තමන් තුන් වරක් පරාජයට පත් වූ බවත් මුදල් ගනුදෙනු මත සිදුවන මෙම නිලවර්ණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට පවා ජයගත නොහැකි බවත්ය.

හිටපු සභාපති තිලංග සුමතිපාල සිය කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ලෝකයේ සියලුම ක්‍රිකට් සම්මේලනවල වැඩිම අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨතම නිලධාරියා තමන් බව ද තමන්ට තරම් අත්දැකීම් වෙන කිසිවකුට නොමැති බව ද ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *