ඉතිහාසයේ ශ්‍රී ලංකාව හැළුණු මුල්ම ක්‍රිකට් ලෝක කුසලාන කාලසටහන එළිදකී!

January 30, 2019 at 4:54 am | by admin

ඉතිහාසයේ පළමු වරට ශ‍්‍රී ලංකාව නොමැතිව පන්දු වාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක කාලසටහන එළි දක්වා තිබේ. ඒ 2020 ලෝක කුසලාන කාලසටහහනය.

පන්දු වාර 20යි 20 ලෝක කුසලානය ආරම්භ වූ 2007 වසරේ සිට අවසන් වරට පැවැති 2016 වසර දක්වා සෑම අවස්ථාවකදීම ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන තරගාවලියට ඇතුළත් විය.

එහෙත්, මෙවර ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාව 09වන ස්ථානයේ පසුවීම හේතුවෙන් ඍජුවම ප‍්‍රධාන තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ගිලිහී ගියේය.

ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටින කණ්ඩායම් 08 ප‍්‍රධාන තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබා තිබේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවට, තරගාවලියට ඇතුළුවීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කර එහි පළමු ස්ථාන 02 අතරට එක්වීම අනිවාර්ය වෙයි.

ශ්‍රී ලංකාව 2009 සහ 2012 වසරේ ලෝක කුසලාන තරඟාවලියේ අනුශූරතාව ද 2014 වසරේ ශූරතාව ද දිනූ රට වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස