කලකට පසු ශ්‍රී ලංකාවට ක්‍රිකට් ජයක්! ඇමති හරීන් සුබ පතයි! (video)

February 16, 2019 at 3:15 pm | by admin

ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 1 ක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (16 වැනිදා) සමත් විය. ලකුණු 304 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 304 ක් ලබාගත්තේය.

මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සිය මුල් ඉනිම සඳහා ලකුණු 235ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව මුල් ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 191 ක් ලබා ගත්තේය.

දෙවෙනි ඉනිම සඳහා දකුණු අප්‍රිකාව සියල්ලන් දැවී ලකුණු 259 ක් ලබා ගත්තේ ශ‍්‍රී ලංකාවට ලකුණු 304ක ජයග‍්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනි.

ඒ අනුව ලකුණු 304 ඉලක්කය කඩුළු 09ක් දැවී ලබා ගනිමින් ශ්‍රී ලංකාව එක් කඩුල්ලක ජයග‍්‍රහණයක් වාර්තා කළේය. ඊට කුසල් ජනිත් පෙරේරා නොදැවී රැස් කළ ලකුණු 153 ද ඇතුළත්ය.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද කුසල් ජනිත් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතා තිබිණි. ශ්‍රී  ලංකා කණ්ඩායම ටෙස්ට් ජයක් වාර්තා කළේ තරඟ 6කට පසුය.

දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් ශතකයක් වාර්තා කළ ප්‍රථම ආසියානු ක්‍රිඩකයා ලෙස කුසල් ජනිත් වාර්තා අතරට එකතු වන අතර ඔහු සහ විශ්ව ප්‍රනාන්දු අතර අවසාන කඩුල්ල සඳහා ගොඩනැඟුණු ලකුණු 96ක නොබිඳුණු සබඳතාව ටෙස්ට් තරඟයක සිව් වැනි ඉනිමේ අවසාන කඩුල්ල සඳහා ගොඩ නැඟුණු වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ද වාර්තා අතරට එක්වෙයි.

ලකුණු පුවරුව http://www.espncricinfo.com/series/18645/scorecard/1144164/south-africa-vs-sri-lanka-1st-test-sl-in-sa-2018-19

ඇමති සුබ පැතුම https://twitter.com/fernandoharin/status/1096763723354492928

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *