හමුදාපතිට ඇමරිකාව පැනවූ තහනම අගය කරනවා! – සුමන්දිරන්

February 17, 2020 at 3:15 pm | by emanisa.lk

ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට ඇමරිකාවට පිවිසීම තහනම් කිරීම අගයන බව  දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් පවසයි.

ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගෙන යනු ලැබූ මන්දගාමී ප්‍රතිපත්තියේ එක් ප්‍රතිවිපාකයක් ලෙස මෙම තීරණය පෙන්වා දිය  හැකි බව හෙතෙම පවසයි.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාලයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම්, යුද අපරාධ හා අතුරුදන්වූවන් පිළිබඳව දෙමළ ජාතික සන්ධානය ඇතුළු අපගේ ජනතාව බොහෝ කාලයක සිට ඒ පිළිබඳ ස්වාධීන විමර්ශනයක් සිදුකර යුක්තිය පසිඳලන ලෙස කොතෙක් ඉල්ලීම් කළද ඒ සියල්ල ශ්‍රී ලංකා රජය විසින් ගණන් නොගත් බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ යුද්ධයේ අවසන් කාලයේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම පිළිබඳව  දැක්වූ මන්දගාමී ප්‍රතිපත්තිය පිළිබඳව දැන්වත් ශ්‍රී ලංකා රජයේ ඇස් ඇරෙනු ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස