හඬපට රංජන්ගේ බව හවුරුයි! වැලිකඩ පදිංචිය ස්ථිරයි! රස පරික්ෂක වාර්තාව අධිකරණයට!

February 22, 2020 at 1:43 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අධිකරණ විනිසුරුවන් කිහිපදෙනකු සමග සිදු කර ඇති දුරකතන සංවාද වල ඇත්තේ ඔහුගේම කටහඬ බව තහවුරු වී තිබේ.

රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද හඬ පරීක්ෂණවලදී මේ බව තහවුරු වී ඇත.

අදාළ හඬ පට වල ඇති කටහඬවල් සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් ලබාගත් කටහඬ සාම්පල දින කිහිපයක් තිස්සේ සංසන්දනය කර පරීක්ෂණ කිරීමෙන් පසුව මේ බව තහවුරු කරගෙන තිබේ.

මේ සම්බන්දයෙන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාව මේ වන විටත් සකස් කර ඇති අතර එය අද දිනයේ අධිකරණයට භාර දීමට නියමිතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස