සේවක විරෝධතා මැද ගුවන්විදුලි සභාපති දොට්ට!

February 4, 2020 at 11:00 am | by emanisa.lk

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගිය 30 වැනිදා වැඩබාරගත් රෝහණ දේව පෙරේරා ඊයේ (03) එම තනතුරින් ඉවත් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් එයට අදාළ ලිපිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ වෙත ඊයේ යොමු කර ඇත.

රෝහණ දේව පෙරේරා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරයට පත් කිරීමට එරෙහිව එහි සේවකයින් හා තවත් පාර්ශ්ව ගණනාවක් විරෝධය පළ කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින් රෝහණ දේව පෙරේරා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පත් කළ විද්වත් කමිටු නිර්දේශය මත තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය සඳහා රෝහණදේව පෙරේරා පත් කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස