රජයේ ගුවන්විදුලිය මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙනවා! බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම එහි ප්‍රතිඵලයක්! – ශ්‍රී ලංකාවේ පූර්ව මුස්ලිම් කවුන්සිලය

January 27, 2019 at 9:43 am | by admin

ජාතික ගුවන් විදුලියේ දෙමළ සේවය මඟින් මුස්ලිම් අන්තවාදයට උඩ ගෙඩි දෙන දේශන සිදු කරන බවත් ඒවා නතර කිරීමට වහා පියවර ගත යුතු බවත් ශ්‍රී ලංකාවේ පූර්ව මුස්ලිම් කවුන්සිලය ඉල්ලා සිටියි.

ජනමාධ්‍ය වෙත ඊයේ (23දා) එම සංවිධානය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක ඒ පිළිබඳව සඳහන් කර ඇත. පසුගිය සඳුදා (21දා) පෙ.ව. 9.40ට පමණ විකාශය වූ වැඩසටහනක් මඟින් ද මුස්ලිම් අන්තවාදයට අනුබල දුන් බවද එම කවුන්සිලය සඳහන් කර ඇත. අලි අහමඩ් රශාධි නමැති මෞලවිවරයකු විසින් එම වැඩසටහන ඉදිරිපත් කළ බවද එම නිවේදනයේ දැක්වෙයි.

මාවනැල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක බුද්ධ ප්‍රතිමාවලට පහරදීම, පුත්තලම වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීම ආදියෙන් මේ රටේ ඉස්ලාම් අන්තවාදය පවතින බව සැකයෙන් තොරව ඔප්පු වන බවත් ඒවා ඉස්ලාමීය සංවිධාන විසින් කාලාන්තරයක් කරගෙන යනු ලැබූ දේශන හා පුහුණු කිරීම්වල ප්‍රතිඵලයක් බවත් එම කවුන්සිලය සඳහන් කරයි.

අධ්‍යාපන හා වෘත්තීය මඟපෙන්වීමේ වැඩසටහන් පවත්වන මුවාවෙන් විවිධ ඉස්ලාමීය සංවිධාන විසින් තරුණ පිරිස් හා සිසුන් නේවාසික පුහුණු කඳවුරුවලට ගෙන ගොස් කරන ඔවුන්ගේ “බුද්ධි ශෝධනය” ද වහාම නතර කළ යුතු බවත් කුරාණයේ සඳහන් ප්‍රචණ්ඩකාරී කොටස් ඉගැන්වීම හා දේශනා කිරීම ශ්‍රී ලංකාව තුළ නතර කළ යුතු බවත් එම සංවිධානය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස