හයිලෙවල් පාරේ තදබදයට සුපිරි විසඳුමක්! කොට්ටාවේ සිට කොටුවට ගුවන් පාළමේ දුවන විදුලි කාර්!

January 21, 2020 at 11:16 am | by emanisa.lk

කොට්ටාව සිට පිටකොටුව දක්වා කණු මතින් දිවෙන විදුලි කාර් සේවාවක් ආරම්භ කිරීමට ව්‍යාපෘති වාර්තාවක් චීනය මගින් ආණ්ඩුවට ලබාදී ඇත.

චයිනා රේල්වේ ගෲප් ලිමිටඩ් ආයතනය විසින් මෙම ව්‍යාපෘති වාර්තාව ලබාදී ඇත්තේ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීරටය.

උස අඩි 17ක් වන කණු මත කිලෝමීටර් 22ක් දුරට මාර්ගය නිර්මාණය වන අතර වායු සමීකරණය කරන ලද විදුලි කාර් ධාවනය කිරීමට සැලසුම් කර ඇත. සෑම විනාඩි පහකට වරක්ම විදුලි කාරයක් ධාවනය වන අතර මගීන් දසදෙනකුට පමණ එක්වර එහි ගමන් කළ හැකි බව එම ව්‍යාපෘති වාර්තාවේ සඳහන් වෙයි.

විදුලි බිඳවැටීමක් සිදු වුවහොත් සූර්ය බලයෙන්ද විදුලි කාරය ධාවනය කළ හැකි වෙයි. වසර එකහමාරක් ඇතුළත මාර්ගය ඉදිකර අවසන් කිරීමට සමාගම බලාපොරොත්තු වෙයි. හයිලෙවෙල් මාර්ගයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස පරිසර හිතකාමී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බව ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. ඇමැති මණ්ඩලය දැනුම්වත් කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඇමැති මහින්ද අමරවීර පවසයි.

මෙය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන්නේ නම් වඩා හොඳ බවත් විදුලි කාර් සේවාව ප්‍රමාණවත් නොවන බවත් ඇතැම් පාර්ශ්ව විසින් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස