ඉස්ලාම් අන්තවාදී චෝදනා මැද සංහිඳියාව රැගෙන ජාතික ගුවන්විදුලිය උතුරට!

February 7, 2019 at 1:48 am | by admin

යාපනය අර්ධද්වීපය ආවරණය වන අයුරින් නව ගුවන්විදුලි මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා රජය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අනුබද්ධ සේවාවක් ලෙස ඉදිවෙන මෙම නව ගුවන්විදුලි මධ්‍යස්ථානය සඳහා මේ වන විට අදාළ ඉඩ කඩ වෙන් කොට තිබේ.

මීට ප්‍රථම යාල් එෆ් එම් නමින් ගුවන්විදුලි සේවාවක් පැවතිය ද එය පලාලි ප්‍රදේශයට පමණක් සීමා වී තිබු බවත් මෙම නව ගුවන්විදුලි මධ්‍යස්ථානය මගින් යාපනය අර්ධද්වීපයම ආවරණය කෙරෙන ශ්‍රවන කලාපයක් සැකසෙන බවත් පැවසේ.

දැනට කොළඹ පිහිටි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය මගින් විකාශනය කෙරෙන තෙන්ධ්‍රල් දෙමළ ස්වදේශීය සේවයේ වැඩ සටහන් ද මෙම නව මධ්‍යස්ථානය මගින් හොඳින් ශ්‍රවනය කිරීමට ඉඩ කඩ සැලසීමට පියවර ගනු ඇත.

ඒ ඔස්සේ ජාතික සංහිඳියාව වඩා ප්‍රබල ලෙස තහවුරු කරන වැඩසටහන් මාලාවක් ජාතික භාෂා හා සංහිඳියා අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

කෙසේ වුවද පසුගිය සමය පුරා ජාතික ගුවන්විදුලිය ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්තර කරන බවට බොහෝ පාර්ශවවලින් චෝදනා නැඟිණි. 2017 වසරේ එක්තරා වැඩසටහනක් තහනම් කිරීමට පවා මංගල සමරවීර තටයුතු කළේය. නව සභාපතිවරයා අන්තවාදී කොටස් සම්බන්ධ කරගෙන එම ක්‍රියාවලිය මේ වන විට තවත් ප්‍රබල කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *