දෙරණ මගෙන් හැදිලා මටම මඩ ගහනවා! ඇමති රාජිත මගේ ගෙදර සැඟවී සිටි පුවත බොරු! – චන්ද්‍රිකා

January 1, 2020 at 2:07 pm | by emanisa.lk

දෙරණ නාලිකාව විකාශනය කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සිය විරෝධය පළ කර තිබේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සැඟව සිටින්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ නිවසේ බවට පසුගියදා අදාළ මාධ්‍ය ජාලයේ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවලින් විකාශනය කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ඇය මෙලෙස සිය විරෝධය පළ කර තිබේ.

තමන්ගේ පාලන කාලයේ සියලු පහසුකම් සහ අනුමැතිය ලබාගෙන බිහිකළ දෙරණ තමන්ට එරෙහිව මෙයට පෙරද අසත්‍ය ප්‍රවෘත්ති පළකළ බව එමගින් පෙන්වා දෙයි.

එම ආයතනයේ සභාපති දිලිත් ජයවීර වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය අධ්‍යක්ෂ සඳහන් කර ඇත්තේ, මාධ්‍ය සදාචාරයට පටහැනිව ක්‍රියා නොකොට එම අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කරන ලෙසය.

එම ලිපිය පහත දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස