ලංකාවට ඇමරිකන් ගුවන් විදුලි ජාලයක් සහ හමුදා කඳවුරක්!

January 19, 2019 at 9:23 am | by admin

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකදී මෙරට තාවකාලිකව රැඳී සිටින ඇමරිකානු හමුදා භටයන් සහ සිවිල් වැසියන් මෙන්ම ඇමරිකානු කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ගුවන්විදුලි ජාලයක්‌ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය ඉඩ ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එම සාකච්ඡාවලට අදාළ රහස්‌ ලියවිල්ලකින් මේ තොරතුරු හෙළි වී ඇති බව සඳහන් වෙයි. එසේම මෙරටට පැමිණෙන කිසිදු ඇමරිකානු ගුවන් යානයකින් හෝ නැවකින් ගොඩබෑමේ ගාස්‌තු වරාය ගාස්‌තු හෝ වෙනත් ගාස්‌තු අය නොකළ යුතු බව ද ඇමරිකානු තානාපති කාර්යාලය යෝජනා කර තිබේ.

මීට අමතරව ඇමරිකානු හමුදා නිලධාරීන්ට ඕනෑම තැනක නිදහසේ ගමන් කිරීමටද ඉඩදිය යුතු බවත්, ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට වෙන්වූ විදුලි සංදේශ පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීමටද ඉඩදිය යුතු බවත් එම රහස්‌ ලියවිල්ලේ දක්‌වා ඇති බව සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස