ආතල් එකේ ඉඳලා සිද්ධාර්ථ බුදු වුණා! මමත් සොවාන් සකුදාගාමී නොවුණාට ආතල් එකේ ඉන්නේ! – බුදුන් මතට ගල් පෙරළුවේ යැයි පරසක්වළ ගැසූ දිලිත්ගේ සම්පූර්ණ කතාව… (video)

April 1, 2019 at 2:28 pm | by admin

දෙරණ සභාපති දිලිත් ජයවීර පොතක් එළිදකින උත්සව සභාවක කළ කතාවක කොටසක් චතුර අල්විස් සිය ෆේස්බුක් පිටුවේ පළකළ අතර එය මේ වන විට සමාජ මාධ්‍යවල මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. එය සිංහල බෞද්ධ විරෝධීන් කොටසක් ආදරයෙන් වැළඳ ගන්නා අතර බෞද්ධයින්ගේ කොටසක් විවේචනය කරමින් තිබේ.

කෙසේ වුවද මේ බොහෝ දෙනෙකු අදාළ සම්පූර්ණ කතාව ඇසුවේ නැත. සමාජවාදී පවුල් පසුබිමක හැදී වැඩෙන දිලිත් රුපියල් 500ක මුදලක් මවගෙන් ඉල්ලා ගෙන කොළඹ පැමිණෙයි. ඒ අතර උසස් පෙළ පන්තියේ බෞද්ධ ශිෂ්ටාචාරය උගනින අතර හඳුනාගත් සිද්ධාර්ථ ඔහුගේ ජීවිතයට මහත් බලපෑමක් කරයි.

ජීවිතයේ සතුටින් සිටීමේ සංකල්ප ඇත්තේ සිද්ධාර්ථ පෙන්වා දුන් මාර්ගය තුළ බව ඔහු පවසයි. සිද්ධාර්ථ දුක වෙනුවට සතුට සොයා යාම සහ සතුටින් සිටීම ඔහුට බලපෑම ආකාරය මෙම කතාවේ දී හෙළිවෙයි.

දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රය රූපවාහිනි ක්ෂේත්‍රය ගුවන් විදුලිය පුවත්පත් කලාව ආදී ක්ෂේත්‍ර ගණනාවක හිනිපෙත්තෙහි සිටින දිලිත් ජයවීරගේ සාර්ථකත්වයේ රහස සිද්ධාර්ථ ගෞතමයන් දේශනා කළ චතුස්කෝටික සංකල්පය බව හෙතෙම හෙළි කරයි…

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස