සිංහලයා ආයෙත් අන්දන්න සූදානම්! හෙළ උරුමේ පාඨලී එජාප මහ පුටුවකට!

November 30, 2019 at 8:36 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය හෝ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පක රණවක එජාපයට එක්වීමට සූදානම් බව වාර්තා වේ.

ඒ සඳහා එජාප ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනෙකු ආරාධනා කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී එජාප සිංහල බෞද්ධ ඡන්ද පදනම සම්පූර්ණයෙන් ආලාපාළු වී ගිය අතර එය සිය ජනාධිපති අපේක්ෂකයාගේ පරාජයට මූලික හේතුව බව ඔවුන්ගේ තීන්දුව වී තිබේ.

ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පක එජාප ප්‍රධාන තනතුරකට පත්කිරීම ඔස්සේ පක්ෂයට අහිමි වූ බෞද්ධ පදනම නැවත දිනාගත හැකි යැයි එජාපයේ විශ්වාසය වී තිබේ.

එජාපය මෙහෙයවීමට ආරාධනාවක් ලැබෙන්නේ නම් සිය මහ ලේකම් චම්පික රණවක ඒ වෙනුවෙන් නිදහස් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව සූදානම් බවද වර්ණසිංහ මාධ්‍ය වෙත පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස