සමාජයම භීතියට පත්ව තිබිය දී ත්‍රාඩයෝ කිහිප දෙනෙක් එළියට බැහැලා ජාතික වීරයෝ වෙන්න හදනවා! – පාඨලී

June 7, 2019 at 5:43 pm | by emanisa.lk

බයිබලයේ ඇසට ඇසක්-දතට දතක් කියලා තිබුණු පළියට කතෝලික ජනතාව මුස්ලිම් ජනතාවගෙන් ඇසට ඇසක් නොඉල්ලූ බවත් විශේෂ තත්ත්වයන් යටතේ කුරාණය, බයිබලය, යුදෙව් ටෝරා ආදී ආගමික ග්‍රන්ථවල ඇතුළත් කර ඇති එවැනි වාක්‍ය ක්‍රියාවට නැංවීමට ගියහොත් සමස්ත සමාජය ම විනාශ වන බවත් ඇමති පාඨලි චමපක රණවක පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළකළේ රට හදන, රට රකින ජාතික මග ව්‍යාපාරයේ මහනුවර සමුළුවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අතිභයානක ව්‍යසනයකින් පස්සේ සමාජය තුළ විවිධාකාරයේ සැක බිය අද ඇතිවෙලා තිබෙනවා. අද බෞද්ධයෝ බයවෙලා ඉන්නවා, මුස්ලිම් පල්ලිවල කඩු කිනිසි, කැති පොරව තියාගෙන ඉන්නවා අපිව විනාශ කරන්න කියලා. කතෝලික ප‍්‍රජාව බයවෙලා ඉන්නවා අපේ පල්ලිවලට යන්න බයේ මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ලවෙයි කියලා. මුස්ලිම් ප‍්‍රජාව බයවෙලා ඉන්නවා විශාල ජන කණ්ඩායමක් මැද්දේ කොටුවෙලා ඉන්න නිසා නිවාසවලට පහර දෙයිද, පල්ලිවලට පහරදෙයිද, කඩ සාප්පුවලට ගහයිද, කොහොමද එළියට බහින්නේ කියලා. මුළු සමාජයම බියවෙලා තිගැස්මෙන් ඉන්න වෙලාවේ ත‍්‍රාඩයෝ කිහිප දෙනෙක් එළියට බැහැලා ජාතික වීරයෝ වෙන්න හදනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස