සජිත් එක්ක ඉන්නේ නම රන් අකුරින් ලියන්න පුළුවන් පිරිසිදු නායකයෝ! ලලිත්ලා ගාමිණීලා රංජන්ලා බුරුතු පිටින් බිහිවෙලා! – සුජීව

October 28, 2019 at 11:54 am | by emanisa.lk

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමග සිටින්නේ ජනතා මුදල් සොරා කෑ පල් හොරු නොව නම රන් අකුරින් ලිවිය හැකි පිරිසිදු නායකයන් පිරිසක් බව ඇමති සුජීව සේනසිංහ පවසයි.

ඔවුන් හොරු, ස්ත්‍රී දූෂකයන්, කුඩුකාරයන් නොව සිය පෞද්ගලික මුදල් වියදම් කර ජනතාවට සේවය කළ දේශපාලකයන් පිරිසක් බව ඇමතිවරයා සඳහන් කරයි.

77 ජේ.ආර්. ජයවර්ධන නිර්මාණය කළ ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, රංජන් විජේරත්න වැනි නායකයන් නැවත බුරුතු පිටින් බිහිව ඇති බවත් ඒ සියලු දෙනාගේ නම්වලට අත්පුඩි ගැසිය හැකි බවත් ඔහු අවධාරණය කරයි.

හලාවත බැස් නැවතුම් පොළේ (26) පැවති සජිත් ප්‍රේමදාසගේ ජනහමුවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස