මම ජනාධිපති වෙලා බදියුදීන්ගේ ගම්මිරිස් ප්‍රති-අපනයන බිස්නස් එක නතර කරනවා! – සජිත්

October 19, 2019 at 9:13 pm | by emanisa.lk

තමන් ජනපතිධුරයට පත්වූ විට ගම්මිරිස් ප්‍රතිඅපනයනය තනර කරන බව නව ප්‍රජාතන්ත්‍රාවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට මහජන ක්‍රීඩාංගනයේදී පැවැති ජන රැළියට අද (19) දින එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මෙසේද පැවසීය.

“සුළු අපනයන භෝග වගාවන්ට අඩු මිලක් හිමිවීම සහ විවිධ ගැටලු නිසා අසරණ වෙලා සිටිනවා. ගම්මිරිස් ඇතුළු සුළු අපනයන භෝගවලට සාධාරණ සහතික මිලක් ලබා දී ගම් මිරිස් ප්‍රතිඅපනයන ජාවාරම අනිවාර්යයෙන්ම නතර කරනවා.

මන්දිර දේශපාලනය, ප්‍රභූ දේශපාලනය මම ප්‍රතික්ෂේප කරනවා. ජන වරමෙන් 16 වෙනිදා තමන්ව ජනාධිපති ධූරයට පත්කළ පසුව එදාටත් අද මෙන් පොඩි මිනිසා ළඟට පැමිණ, ජනතාව ශක්තිමත් කර මාතෘ භූමිය දිනවන ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා. ”

මෙරට ගම්මිරිස් ප්‍රති-අපනයන ජාවාරමෙහි නිරත වන බවට බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරාටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස