සජිත්ට නම් අපේක්ෂකත්වය දෙන්නේ නෑ! කෘත්‍යාධිකාරී මණ්ඩලේට යාළුවෝ ටිකක් දාලා අනුමැතිය ගන්නවා! මම ම ජනාධිපතිවරණයට එනවා! – අගමැති රනිල් දැඩි තීන්දුවක…..

September 21, 2019 at 8:59 am | by emanisa.lk

කතානායක කරූ ජයසූරිය ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීමේ වෑයම අසාර්ථක වීමත් සමග ඇමති සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදීමට අගමැති රනිල් වික්‍රමසිංහ දැඩි තීන්දුවක් ගෙන ඇතැයි එජාප සජිත් පාර්ශවයට හිතැති වෙබ් අඩවි වාර්තා කරයි.

මේ අනුව එජාප ව්‍යවස්ථාවෙන් නායකයාට හිමි බලතල අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙතෙක් සම්පූර්ණ කර නොමැති ආසන 30 සඳහා තම හිතවතුන් පත් කිරීමටත් අනතුරුව තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැන්වීමටත් අගමැතිවරයා සූදානම් වන බව ද සඳහන්ය.

ඒ අනුව ලබන බදදා (24) කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර එම නියෝජිත පිරිස පත් කරනු ඇත. කෙසේ වුවද මේ වන විට සිටින 62කට අධික කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගෙන් බහුතරය සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයේ සිටින බව ද පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස