ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදීමට යෝජනා කළ උප සභාපතිධූරය තමා ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.
නව කොරෝනා වයිරසය හේතුවෙන් රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන විදේශගත වීමට තමාට නොහැකි බවද ඇමතිවරිය කීවාය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටුවේ රැස්වීම සඳහා තමාට විදේශ ගත වීමට නොහැකි හෙයින් ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යැවූ බවද ඇමැතිවරිය කීවාය.
ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවිය යුතු උප සභාපතිධූරය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහට ලැබෙනු ඇතැයි ද ඇමතිවරිය කීවාය.
Copyright © 2026 emanisa.lk