බෝම්බ වෙඩි උණ්ඩවලට මුහුණ දෙමින් ජාතිවාදයට ආගම්වාදයට එරෙහි සටන ඉදිරියටම ගෙනියනවා! – ඇමති රාජිත

June 29, 2019 at 7:44 am | by emanisa.lk

බෝම්බ ප්‍රහාර, වෙඩි උණ්ඩවලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව සටන ඉදිරියටම ගෙන යන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ අන්තවාදය එපා,ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු මහා සමුළුව පෙරේදා (27) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“රටම අන්තවාදය යන බව ප්‍රකාශ කරමින් කුරිරු අන්තවාදය වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරන මාධ්‍යවලින් පිරිණු රටක අන්තවාදය එරෙහිවන්නන්ගේ මෙම ශාලාව පිරියාම සතුටට කරුණකි. සමඟිය, සාධාරණත්වය වෙනුවෙන් කැපවුණු ඔබලාට මම පළමුව ආචාරය පුද කරනවා.”

“මේ රටේ ජනතාව සිංහල, ජාතිකයින්, ද්‍රවිඩ ජාතිකයින් සහ මුස්ලිම් ජාතිකයින් ජාතිවාදීන් නොවේ. මේ දේශපාලන කාලකන්නි තමයි ජාතිවාදය වපුරන්නේ. ඇතැම් දේශපාලන මුදලාලිලා ජාතිවාදය වපුරනවා.”

“1948 වසරේ ශ්‍රී ලංකාව නිදහස ලබා ගන්නා විට දෙවනි වුයේ ජපානයට පමණයි.අපි නිදහස ලබා ගත්තේ සුදු ජාතිකයින්ට බැරිවුණ වැඩ ටික ඉදිරියට කරගෙන යාමට. නමුත් සුදු ජාතිකයින් කරපු වැඩ ටික වත් කරගෙන යන්න බැරි වුණ ඉතිහාසයක් අපිට තියෙනවා.”

“අපි සිටින්නේ මාලදිවයිනට, බංගලාදේශයට පිටුපසින්. ඒකපුද්ගල ආදායම අඩුයි. නමුත් 50 දශකයේ සිට ආගම, ජාතිය ආරක්ෂා කරනවා. නමුත් වෙන රටවල් රට සංවර්ධනය කළා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස