කිරිපිටි සමාගමට කඹුරන සෞඛ්‍ය ඇමතිට සහ නිලධාරීන්ට බුද්ධිකගෙන් තවත් දරුණු ප්‍රහාරයක්!

February 8, 2019 at 2:14 pm | by admin

පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ විදේශීය කිරිපිටි පිළිබඳ සිදුකළ හෙළිදරව්ව අසත්‍යයක් යැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සහ ෆොන්ටේරා සමග කළ ප්‍රකාශයට එරෙහිව නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී නැවතත් ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූයේය. කිරිපිටි පානය කිරීම නිසා ලෙඩ රෝග 21ක් හැදෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය පුවත්පත් දැන්වීම් පළ කළ බවත් බොරු කියන්නේ ඇමතිවරයා ද නිලධාරීන් ද යන්න තමන්ට ගැටලුවක් බව ද කීවේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අතුල කහඳලියනගේ මේ වන විට ෆොන්ටෙරා සමාගමේ තනතුරක් දරන්නේ යැයි ද ඔහුට සර් කියා අමතන ගෝළ බාලයන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටින්නේ යැයි ද හෙළිදරව් කළේය. අදාළ නිලධාරියා පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු සභාපතිවරුන්ට කිරිපිටි මිල වැඩි කිරීමට සහයෝගය ලබා නොදෙන්නේ නම් තනතුර අහිමි විය හැකි යැයි තර්ජනය කළ බවත් ෆොන්ටෙරා සමාගමේ නියෝජිතයන් මිල ඉහළ නංවා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේද අනුගමනය කරන්නේ යැයි තර්ජනය කළ බවත් නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය. එහෙයින් මෙම කිරිපිටි පිළිබඳ සොයා බැලීම සඳහා වහාම තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *