රනිල්-සජිත් සාකච්ඡා සාර්ථකයි! එජාප ජනපති අපේක්ෂක සජිත්! – හරීන්

September 11, 2019 at 8:34 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර ඊයේ (10) රාත්‍රියේ පැවති තීරණාත්මක සාකච්ජාව ඉතාම සුහද ලෙස පැවති බව සජිත් ප්‍රේමදාස පවසයි.

සාකච්ජාව ඉතාම සුහදව පැවති බවත් ඉදිරි දින කිහිපයේදි හොද ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් ඇමතිවරයා පවසයි. එහිදී එක්සත් ජාතික පෙරමුණ සහ ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

තමන් අද පැවති සාකච්ජාව සම්බන්ධයෙන් සුභවාදිව සිතන බවත් ඉදිරියේදී තවත් සාකච්ජා වට කිහිපයක්ම පැවැත්වෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම සාකච්ජාව සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, මලීක් සමරවික්‍රම, කබීර් හෂිම් සහ රාජිත සේනාරත්න අමාත්‍යවරුන් එක්ව සිටි බව වාර්තා වෙයි.

මේ අතර ඇමති හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ රනිල්-සජිත් සාකච්ඡාව සාර්ථක වූ බවත් දින කිහිපයකින් සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස